ගල් අඟුරු

විස්තරය

ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ලියාපදිංචි නොකළ සමාගමක් වන “Black Sand Commodities” වෙත ටෙන්ඩරය ප්‍රදානය කිරීමේදී නීත්‍යානුකූල ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කර නොමැති බව ශ්‍රී ලංකා විගණකාධිපතිවරයා වාර්තා කර ඇත. මෙම ගල් අඟුරු තොගය 2022-2025 කාලය තුළ නොරොච්චෝලේ ලක් විජය බලාගාරය සඳහා භාවිතා කිරීමට නියමිතව තිබුණි. විගණකාධිපතිවරයාට අනුව, මෙහිදී නිසි ක්‍රමවේදය අනුගමනය නොකළේ අනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට ප්‍රසම්පාදනයේදී සාධාරණ හා සමාන අවස්ථා මඟ හැරීමේ අරමුණින්ය. පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.[i]

මෙම කරුණට අදාළ මුල්‍ය වටිනාකම        

ඇමරිකානු ඩොලර් මිලියන 1,477[ii]

මෙහි ඇති දූෂණ ක්‍රියා වන්නේ මොනවාද?                 

  • මහජන මුදල් අවභාවිත කිරීම
  • නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකිරීම

මේ සම්බන්ධව ගන්නා ලද පියවර මොනවාද?           

ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියට සම්බන්ධ සියලුම නිලධාරීන්ගේ සේවය අවම වශයෙන් වසරක කාලයක් සඳහා අත්හිටුවිය යුතු බව රාජ්‍ය මූල්‍ය කමිටුව (COPF) නිර්දේශ කළේය.[iii]

මෙම මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) උපදෙස් දුන්නේය.[iv]

තවදුරටත් කළ හැකි දේ මොනවාද?             

ක්ෂණික ප්‍රසම්පාදනයේ සහ ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉදිරිපත් කෙරෙන යෝජනා  (unsolicited proposals) මත පදනම්වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇති දූෂණ අවදානම් තත්ව මග හැරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය නියාමන කරන ලෙස ඉල්ලා පුරවැසියන්ට, සිවිල් සමාජයට, මාධ්‍යයට සහ වෘත්තිකයන්ට හඬක් නැගිය හැකිය.

 

[i] https://www.themorning.lk/articles/221310

[ii] https://twitter.com/harshadesilvamp/status/1563133345395265544?lang=en

[iii] https://economynext.com/coal-procurement-sri-lankas-copf-recommends-action-against-officials-100712/

[iv] https://www.parliament.lk/en/committee-news/view/2869?category=33

This website uses cookies to improve your web experience.