පොහොර අර්බුදය

සිදු වූ පාඩුව:

  • චීන කාබනික පොහොර සැපයුම්කරුට වන්දි වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදලක්. (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.4)
  • ඉන්දියානු සැපයුම්කරුගෙන් වාර්තා වූ වෙළඳපොළ මිලට වඩා වැඩි මිලකට නැනෝ නයිට්‍රජන් ද්‍රව පොහොර මිල දී ගැනීම හේතුවෙන්  ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 29.4ක මුදලක්. (ආසන්න වශයෙන් රුපියල් මිලියන 509) .

විස්තර:

  • 2021 අප්‍රේල් මාසයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට රසායනික පොහොර ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට යෝජනා කළේ ය. යෝජිත විකල්පය වූයේ මෙරට කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීම ය.[i]
  • කෙසේ වෙතත්, ශ්‍රී ලංකා රජය විසින් සිය ගෘහස්ථ භාවිතය සඳහා ඉන්දියාවේ සහ චීනයේ නිෂ්පාදිත කාබනික පොහොර ආනයනය කරන බව වාර්තා විය.
  • චීනය පදනම් කරගත් සැපයුම්කරුවෙකු වන Qingdao Seawin Biotech Group Co., Ltd වෙතින් ආනයනය කරන ලද කාබනික පොහොර මෙට්‍රික් ටොන් 20,000ක තොගයක් ශ්‍රී ලංකා බලධාරීන් විසින් හානිකර ද්‍රව්‍ය අඩංගු බවට තහවුරු කළ සාම්පල පරීක්‍ෂණයකින් පසුව ආපසු හරවා යවා ඇති බව පසුව වාර්තා විය.[ii]
  • මෙම සිදුවීමෙන් පසුව, සීමාසහිත ලංකා පොහොර සමාගම උක්ත සැපයුම්කරුට ගෙවීම් අවහිර කරන ලෙස කොළඹ මහාධිකරණයෙන් අධිකරණ නියෝගයක් ලබා ගත් අතර[iii], සැපයුම්කරු නොවැම්බර් මස මුල දී ජාතික ශාක නිරෝධායන සේවයට (NPQS)  එහි නොසැලකිලිමත්කම නිසා ඇති වූ පාඩුව සහ හානිය සදහා වන්දි ඉල්ලීම් ලිපියක් සමඟ ප්‍රතිචාර දැක්වීය.
  • සැපයුම්කරු විසින් දින 3ක් ඇතුළත ඩොලර් මිලියන 8ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.6ක) මුදලක් ඉල්ලා සිටින ලදි.[iv]
  • 2021 නොවැම්බර් 24 වන දින, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ, නැව්ගත කිරීමේ පිරිවැය ලෙස ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 6.7ක් (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.4 ක්) (නැව්ගත කිරීමේ මුළු පිරිවැයෙන් 75% ක්) දූෂිත තත්ත්වයක් නිසා ප්‍රතික්ෂේප වූ පොහොර ටොන් 20,000 සදහා ක්වින්දා ඕ බයෝටෙක් සමාගම (Qingdao Seawin Bio-tech Group) වෙත ගෙවන බව ය.[v]
  • එම සමාගමෙන්ම නැවුම් පොහොර තොග මිල දී ගැනීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇති බව ද වාර්තා විය.
  • මේ අතර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගුජරාටයේ ඉන්දියානු ගොවි පොහොර සමුපකාරයෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර  මිලිලීටර් 500කට ඩොලර් 12.45ක් වන මිලකට නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් මිලියන 2ක් පමණ ඇණවුම් කර  ඇත.
  • එහෙත් ඉන්දියාව තුළ නැනෝ නයිට්‍රජන් පොහොර සඳහා වෙළඳපල වටිනාකම ඩොලර් 3.23 ක්පමණ වූ බව උපුටා දක්වමින් මාධ්‍ය සහ ක්‍රියාකාරීහු මෙම ගිවිසුම  ප්‍රශ්න කළහ.[vi]
  • තව ද, පොහොර ආනයනය සඳහා ගෙවීම් කිරීමේ දී නියමිත ක්‍රියාවලියෙන් බැහැරවීම පිළිබඳව ද විපක්ෂය අවධානය යොමු කළේ ය.
    සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් පවත්වාගෙන යනු ලබන ගිණුම් හරහා ගෙවීම් සිදුකිරීම නියමිත ක්‍රියාවලිය වන අතර, “ සීමාසහිත යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට්” නමින් නව පුද්ගලික ගිණුමක් ආරම්භ කර ඩොලර් මිලියන 1.275ක මුදලක් නිදහස් කරන ලෙස භාණ්ඩාගාරය විසින් මහජන බැංකුවට සෘජුව නියෝග කර ඇති බව වාර්තා වේ. [vii]
  • දෙසැම්බර් 6 වැනිදා වන විට චීනයේ Quingdao Seawin Biotech සමාගම සිංගප්පූරුවේ බේරුම්කරණ මධ්‍යස්ථානයක් හරහා කොළඹ කොමර්ෂල් පොහොර සමාගමෙන්  ඇමෙරිකානු ඩොලර් මිලියන 8ක වන්දියක් ඉල්ලා ඇත.[viii]
  • 2022 ජනවාරි 7 වන දින මහජන බැංකුවෙන් එම සමාගමට ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් ලබා දුන් බව වාර්තා විය. [ix]
  • කෙසේවෙතත්, කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේ මෙයින් රටට මූල්‍යමය අලාභයක් නොවන බවත් ඒ වෙනුවට තවත් නැව්ගත පොහොර තොගයක් ලංකාවට ලැබෙනු ඇති බවත්ය[x]

දූෂණ අක්‍රමිකතාව  කුමක්ද?

  • තීරණ ගන්නන් විසින් අනවශ්‍ය වාසි ලබා ගැනීම සහ නැනෝ නයිට්‍රජන් දියර පොහොර වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලකට මිල දී ගැනීම සඳහා මහජන මුදල් අවභාවිත කිරීම.[xi]
  •  කාබනික පොහොර ආනයනය කිරීමට දැරීමට සිදු වූ දැවැන්ත වියදම සහ චීන පොහොර තොගය නැව්ගත කිරීමේ දී සිදු වූ පරිපාලනමය දෝෂ /නිවැරදි ලෙස හැසිරවීමට නොහැකි වීම හේතුවෙන් වගවීම නොමැතිකම සහ රාජ්‍ය මුදල් අවභාවිතය.
  • ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටියේ ඇති විය හැකි කඩකිරීම් සහ චීන පොහොර නැව්ගත කිරීමේ ගැටලුවට සම්බන්ධ වගකිවයුත්තන් විසින් අනවශ්‍ය වාසි ලබාගැනීම.
  • සාමාන්‍ය ජනතාව වෙත විනිවිදභාවයක් නොමැතිකම.

අනුගමනය කළ ක්‍රියාමාර්ග

  • නැනෝ නයිට්‍රජන් පොහොර සඳහා මිල නියම කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කර ඇත. [xii]
    නැනෝ නයිට්‍රජන් දියර පොහොර මිලදී ගැනීමේ දී මහජන මුදල් අවභාවිතා කර ඇති බවට සමගි ජන බලවේගය විසින්  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදි. [xiii]

ගත හැකි ක්‍රියාමාර්ග ?

  • ප්‍රතික්ෂේප කරන ලද අන්තරායක ද්‍රව්‍යවලින් දූෂිත /අහිතකර/ප්‍රමිතියෙන් තොර/භාවිතයට නුසුදුසු කාබනික පොහොර තොගයක් සඳහා ගෙවීම් සිදු කිරීමට ශ්‍රී ලංකාව එකඟත්වය පළ කර ඇති ආකාරය පිළිබඳව පරීක්ෂණයක් ඉල්ලා සිටීම.
  • නැනෝ නයිට්‍රජන් පොහොර මිල දී ගැනීම සදහා එකඟත්වය පළ කිරීම සහ අනුගමනය කරන ක්‍රියාවලිය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා සිටීම.
  • ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ දී විනිවිදභාවය සහ වගවීම සඳහා ඉල්ලා සිටීම

 

[i] https://www.presidentsoffice.gov.lk/index.php/2021/04/22/importation-of-chemical-fertilizers-will-be-stopped-completely/

[ii] https://www.newsfirst.lk/2021/11/15/rejected-chinese-fertilizer-will-not-be-re-tested-reaffirms-agriculture-dg/

[iii] https://www.newsfirst.lk/2021/10/23/court-order-obtained-to-suspend-payments-for-chinese-fertilizer/

[iv] https://www.newsfirst.lk/2021/11/07/pay-us-us-8-mill-in-3-days-or-else-chinese-fertilizer-co-tells-sri-lanka/

[v] https://www.sundaytimes.lk/211121/news/dispute-over-chinese-organic-fertiliser-govt-backs-down-462783.html

[vi] https://www.newsfirst.lk/2021/11/19/nano-nitrogen-costs-higher-in-sl-than-in-india/

[vii] https://island.lk/nano-nitrogen-deal-opposition-calls-for-probe/

[viii] https://www.newsfirst.lk/2021/12/06/hippo-spirit-arbitration-and-additional-costs/

[ix] https://www.hirunews.lk/english/293292/sri-lanka-pays-over-6-million-to-chinese-fertilizer-ship

[x] https://lankanewsweb.net/archives/1727/nothing-wrong-with-paying-us6-9-million-to-chinese-fertiliser-ship-agriculture-minister/

[xi] https://www.newsfirst.lk/2021/12/01/complaint-alleging-fraud-in-importing-nano-nitrogen-fertilizer-lodged/

[xii] https://www.newsfirst.lk/2021/11/24/criminal-inquiry-underway-on-overpriced-indian-nano-fertilizer/

[xiii] https://www.newsfirst.lk/2021/12/01/complaint-alleging-fraud-in-importing-nano-nitrogen-fertilizer-lodged/

 

This website uses cookies to improve your web experience.