බොරතෙල්

විස්තරය

ශ්‍රී ලංකාවට තෙල් ආනයනය කිරීමේදී මිලියන ගණනක වංචාවක් සිදු කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර (එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්) 2022 අගෝස්තු මාසයේදී චෝදනා කළේය.[i]

ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටි උල්ලංඝණය කරමින් රජය විසින් තෙල් මිලදී ගැනීම සඳහා “Coral Energy PLC” නැමැති අලුතින් ස්ථාපිත සමාගමක් (නියම හිමිකාරිත්වය පිළිබඳ තොරතුරු නොමැති) තෝරාගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

ඔහු පවසන පරිදි, Coral Energy PLC සමාගම ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සමඟ ගිවිසුමක් අත්සන් කොට Ural බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කර ඇති අතර, Ural වඩා වැඩි මිලක් සහිත Brent මිල ලේඛනගත කර අය කර ඇත. අවසානයේ ශ්‍රී ලාංකිකයන්ට තත්ත්වයෙන් අඩු බොරතෙල් වැඩි මිලට ලබා දීම සිදුව ඇත.

ආනයනය කළ Ural තෙල් තොගයේ සැබෑ මිල (මෙට්‍රික් ටොන් 99,673 සඳහා) ඇමරිකානු ඩොලර් මිලියන 51.027 වන නමුත්, ශ්‍රී ලංකාව Brent මිල වූ ඇමරිකානු ඩොලර් මිලියන 82.209 ක් ගෙවා ඇත.

වෙනස (පාඩුව) ඇමරිකානු ඩොලර් මිලියන 30.938 වේ.

මෙහි ඇති දූෂණ ක්‍රියා වන්නේ මොනවාද?                 

  • ප්‍රසම්පාදන ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කළ බවට වන චෝදනාව
  • තෙල් ආනයන කිරීමේදී ඒකාධිකාරයක් පැවතීම
  • රජය සතු ව්‍යවසාය වෙතින් විනිවිද භාවයක් පිළිඹිබු නොවීම
  • රජයේ ව්‍යවසායන් තුළ සිදු වන බලපෑම් කළමණාකරණය සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වීම

මෙම කරුණට අදාළ මුල්‍ය වටිනාකම        

ඇමරිකානු ඩොලර් මිලියන 30.938 ක පාඩුව

මේ සම්බන්ධව ගන්නා ලද පියවර මොනවාද?           

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය බොරතෙල් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව ඇති ගැටළු ඉස්මතු කළේය.[ii] පාර්ලිමේන්තු විවාද අතරතුර මෙම ගැටළුව මතු කළ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.[iii]

තවදුරටත් කළ හැකි දේ මොනවාද?             

ක්ෂණික ප්‍රසම්පාදනයේ සහ ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඉදිරිපත් කෙරෙන යෝජනා  (unsolicited proposals) මත පදනම්වූ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ඇති දූෂණ අවදානම් තත්ව මග හැරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය නියාමනය කිරීම සඳහා පෙනී සිටීමට පුරවැසියන්ට, සිවිල් සමාජයට, මාධ්‍යට සහ වෘත්තිකයන්ට හැකිය.

 

[i] https://www.dailymirror.lk/front_page/Dayasiri-questions-crude-oil-deal/238-246335

[ii] https://www.themorning.lk/articles/215249

[iii] http://www.adaderana.lk/news/85395/cpc-denies-dayasiris-claims-on-misappropriations-in-fuel-imports

This website uses cookies to improve your web experience.