කැබිනට් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාට එරෙහිව පවතින අල්ලස් චෝදනාව

විස්තරය

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඉදිකිරීම් ව්‍යාපෘතියක නිරතව සිටින ජපානයේ TaiSei සමාගමෙන් රුපියල් මිලියන 200ක මුදලක් ඉල්ලා ඇති බවට 2022 ජූලි මස මුලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ TaiSei සමාගම යන දෙපාර්ශවය එම චෝදනාව ප්‍රතික්ෂේප කළහ.[i]

පසුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුවක් මගින් ඉදිරිපත් කළ වාර්තාවක් හරහා ඔහු නිවැරැදිකරු බව තීන්දු කර නැවත ඇමැති ධුරය ලබා දෙන ලදී.[ii]

මෙම කරුණට අදාළ මුල්‍ය වටිනාකම          

රුපියල් මිලියන 200යි

මේ සම්බන්ධව ගන්නා ලද පියවර මොනවාද?           

2022 ජූලි මස මුලදී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නියෝග කළ අතර, ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්විය.[iii]

යම් පුද්ගලයෙකු විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණිල්ලක් ගොනු කරන ලදී.[iv]

2022 ජුලි මාසය අගදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම කාරණය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී.[v]

මෙම කාරණය සම්බන්ධයෙන් TISL ආයතනය  විසින් තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ අයදුම්පත් දෙකක් ගොනු කර ඇත.

  1. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයෙන් පහත තොරතුරු ඉල්ලා අයදුම්පතක් ගොනු කර ඇත.
  • 2022.05.20- 2022.07.31 කාලය තුළ අමාත්‍යාංශය සහ Taisei සමාගම අතර ඇතිකරගත් සියලුම ගිවිසුම්වල සහතික කළ පිටපත්.
  • 2020.01.01 – 2022.07.31 අතර පැවැති (ව්‍යාපෘතිලාභියා ලෙස Taisei සමාගම තෝරා ගන්නා ලද කාලසීමාව) සියලුම ප්‍රසම්පාදන කමිටු රැස්වීම් වාර්තාවල සහතික කළ පිටපත්.
  • ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2022.07.22 දින පත් කරන ලද ජනාධිපති නීතිඥ කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ සහතික කළ පිටපතක්.

එයට පිළිතුරු ලැබීමෙන් අනතුරුව තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමට මේ සම්බන්ධයෙන් අභියාචනය නොකිරීමට TISL ආයතනය තීරණය කළේය.

  1. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2022.07.22 දින පත් කරන ලද ජනාධිපති නීතිඥ කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ සහතික කළ පිටපතක් ඉල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයටද තොරතුරු අයදුම්පතක් ගොනු කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මෙම වාර්තාව TISL වෙත 2023 දී ලබා දෙන ලදී.

තවදුරටත් කළ හැකි දේ මොනවාද?             

මහා පරිමාණ යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳ තොරතුරු මහජනතාවට ප්‍රවේශ විය හැකි ලෙස විවෘත අවකාශයක තබන ලෙස මාධ්‍ය, සිවිල් සමාජය සහ පුරවැසියන් එක්ව ඉල්ලා සිටීම.

 

[i] https://www.ft.lk/front-page/Japanese-Taisei-Corp-denies-bribery-allegations-over-BIA-expansion-project/44-737746

[ii] http://www.adaderana.lk/news/83821/president-appoints-committee-to-probe-bribery-allegations-against-nimal-siripala

[iii] https://www.newswire.lk/2022/07/06/bribery-allegation-president-orders-inquiry-against-minister-nimal-siripala/

[iv] https://island.lk/bribery-claims-involving-japanese-contractor-lawyer-asks-govt-to-come-clean-over-allegations-levelled-against-nimal-siripala/

[v] https://www.presidentsoffice.gov.lk/index.php/2022/07/23/president-appoints-a-three-member-committee-on-a-request-made-by-former-minister-nimal-siripala-de-silva/

This website uses cookies to improve your web experience.