දේශපාලන වින්දිතයන් පිළිබඳ විමර්ශනය සඳහා වූ ජනාධිපති කොමිසම

විස්තරය

2015 වර්ෂයේ  ජනාධිපතිවරණයට සහ අගෝස්තු මහ මැතිවරණයට පෙර තනතුරු දැරූ රාජ්‍ය නිලධාරින්, රාජ්‍ය සංස්ථා සේවකයන්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සාමාජිකයන් හට සිදුවූ බව කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් 2020 ජනවාරි 9 වැනි දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ත්‍රිපුද්ගල ජනාධිපති කොමිසමක් පත් කරන ලදි.

කොමිෂන් සභාව විසින් සලකා බැලිය යුතු කාල සීමාව 2015 ජනවාරි 8 සිට 2019 නොවැම්බර් 16 දක්වා විය. පසුගිය රජය විසින් පිහිටුවන ලද ශ්‍රී ලංකා පොලිසියේ දූෂණ මර්දන ඒකකය සහ මූල්‍ය විමර්ශන අංශය (FCID) විශේෂයෙන් විමර්ශනය කළ යුතු පාර්ශ්වයන් ලෙස හඳුනාගෙන තිබුණි.
මෙම කොමිෂන් සභාව අධිකරණය හමුවේ තවමත් විභාග වෙමින් පවතින දූෂණ සම්බන්ධ නඩු ඇතුළු කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කර නිර්දේශ ලබා දීම අඛණ්ඩව සිදු කළේය.

පසුව, අධිකරණ ක්‍රියාදාමයන් කිහිපයක් අවසන් කිරීමේ අරමුණින් පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ඉල්ලා  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 2021 අප්‍රේල් 9 වැනි දින පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේ ය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC), රාජ්‍ය සේවා කොමිෂන් සභාව, පොලිස්පතිවරයා, අදාළ අමාත්‍යාංශ භාර අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු අදාළ බලධාරීන් උදෙසා ක්‍රියාත්මක කිරීමට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව (PCoI) ලබා දුන්  තීරණ  සහ  නිර්දේශ පිළිබඳව ද සොයා බැලීමට අනුමැතිය ලබා දෙන ලෙස  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාවෙන් ඉල්ලා තිබේ. එතැන් සිට මෙම යෝජනාව සම්මත කර හෝ මේ පිළිබඳ කිසිවක් සාකච්ඡා කර නොමැත. කෙසේ වෙතත්, බලතල බෙදීමට සහ අධිකරණයේ ස්වාධීනත්වයට මෙම පියවර බරපතල අභියෝගයක් විය හැකි ය.

දූෂණ අක්‍රමිකතාව කුමක්ද?

  • කොමිසමේ නිර්දේශ මගින් උසාවිය ඉදිරියේ විභාග වෙමින් පවතින නඩු පසෙකට දමා නීතිය ක්‍රියාත්මක කිරීමට සහ අධිකරණයට බාධා කිරීමට අපේක්ෂා කිරීම.
  • දැනට පවතින අධිකරණ කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීමෙන් බලතල බෙදීමේ තර්ජනයක් සිදු වීම.
  • බලය අවභාවිතය, රාජ්‍ය මුදල් අවභාවිතය සහ රාජ්‍ය දේපළ අවභාවිතය වැනි දූෂණ චෝදනා සම්බන්ධ දැනට පවතින නඩු නැවැත්වීම සදහා කරන ඇඟවීමක් ලෙස දැක්විය හැකි වීම.
  • මූලික විමර්ශන සිදු කළ විමර්ශන නිලධාරින්ට දඬුවම් කිරීම මගින් විමර්ශකයන්ට හිරිහැර කිරීමේ බලපෑමක් ඇති කිරීම.

අනුගමනය කළ ක්‍රියාමාර්ග

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් මෙම PCoI හි නිර්දේශ අවලංගු කරන ලෙස ඉල්ලා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ[i], පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක[ii], අනුර කුමාර දිසානායක[iii] සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා[iv] විසින් අභියාචනාධිකරණයෙන් පෙත්සම් කිහිපයක් ගොනු කරන ලදි.

ගත හැකි ක්‍රියාමාර්ග ?

  • අපරාධකරුවන්ගේ වගවීම සහතික කිරීම සඳහා දූෂණ චෝදනාවලට අදාළව විභාග වෙමින් පවතින නඩු බාධාවකින් තොරව සහ කඩිනම් ලෙස විසඳන ලෙස ඉල්ලා සිටීම.
  • තාක්ෂණික හේතු මත ඉල්ලා අස්කර ගත් දූෂණ නඩු නැවත ගොනු කරන ලෙස ඉල්ලා සිටීම.
  • විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර බලතල බෙදීම ආරක්ෂා කිරීම සහ අධිකරණය, CIABOC සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය සඳහා වන ඉල්ලීම.
  • විමර්ශන නිලධාරින්ගේ ආරක්ෂාව ඉල්ලා සිටීම.

 

[i] http://www.adaderana.lk/news/75834/ranil-files-petition-against-recommendations-of-pcoi-on-political-victimization

[ii] https://newsradio.lk/blog/local/petition-against-political-victimization-pcoi-in-court-today/

[iii] https://www.newsfirst.lk/2021/03/24/anura-kumara-files-petition-with-ca-against-pcoi-recommendation/

[iv] http://www.adaderana.lk/news/72154/fonseka-files-writ-application-against-recommendations-of-pcoi-on-political-victimization

This website uses cookies to improve your web experience.